OnmaxDT වංචාවේ සැකකකරුට ලැබුණු තීන්දුව

OnmaxDT පිරමීඩ මූල්‍ය ආයෝජන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ ගයාන් වික්‍රමතිලක නම් සැකකරු මාර්තු මස 07 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියම කර තිබෙනවා.

ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද අදාළ සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුම මෙම නියෝගය නිකුත්කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙම පිරමීඩ ජාවාරමට අදාළ වෙබ් අඩවිය නිර්මාණය කිරීම, පරිගණක ඉංජිනේරුවකු වන මෙම පුද්ගලයා විසින් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *