සංචාරයකට සූදානම් වන උප ජනාධිපති

අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී.වැන්ස් ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව මෙම මස එනම් මාර්තු අවසන් සතිය තුළ අමෙරිකානු උප ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව සඳහන් වෙනවා.
අමෙරිකානු උප ජනාධිපතිවරයාට අමතරව එරට ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් ද ලබන මාසයේ ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය පෙබරවාරි මාසයේ අමෙරිකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ඇතිවූ එකඟතා මත මෙම සංචාරයන් සිදුවන අතර, ඉන්දියාව සහ අමෙරිකාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම එම සංචාරවල අරමුණ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
