බ්‍රිතාන්‍ය සම්බාධක ගැන කතා කරන විනයාගමූර්ති මුරලිදරන්

මෙරට සිවිල් යුද්ධය පැවති කාලයේදී මානව හිමිකම් උල්ලංඝනය වීමේ චෝදනාව මත හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යන අයට එක්සත් රාජධානිය විසින් පසුගිය සඳුදා දිනයේ සම්බාධක පනවනු ලැබුවා.

ඊට අමතරව එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර පළාත භාර හිටපු නායකයෙකු වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට ද එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා තිබෙන බව වාර්තා වුණා.

මේ අතර, බ්‍රිතාන්‍ය රජය තමා හට සම්බාධක පැනවීම දේශපාලන නාට්‍යයක් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ, කල්කුඩා මැතිවරණ කොට්ඨාසයේ පැවැති දේශපාලන රැස්වීමකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විනයාගමූර්ති මුරලිදරන් මහතා,

“අපි සන්ධානය පිහිටුවා ගැනීම ලොව පුරා කතාබහට ලක්වන මාතෘකාවක්. බ්‍රිතාන්‍ය රජය මාව තහනම් කළා. එය මීට පෙර කිසිදා සිදු නොවූ ක්‍රියාවක්. මේක දේශපාලන නාටකයක් කියලා මම කියනවා. 2006දී මාව බ්‍රිතාන්‍ය රජය විසින් අත්අඩංගුවට අරගෙන මාස 8ක් සිරගත කළා. එහිදී සොයා නොගත් චෝදනාවක් බ්‍රිතාන්‍ය රජය දැන් සොයාගෙන තිබෙනවා. ඒ වෙලාවේ ආණ්ඩුවට මොනවගේ දෙයක් ද කරන්න පුළුවන්කම තිබුණේ.  නමුත් ඔවුන් මාව රාජකීය ගෞරවයෙන් කටුනායක ගුවන්තොටුපොළට ආරක්ෂිතව අරන් ආවා. කරුණා අම්මාන් වැරැද්දක් කරලා තියෙනවා කියලා බ්‍රිතාන්‍ය රජයට දැන් වැටහිලා තියෙනවා. මේ සියල්ල නැගෙනහිර දෙමළ ජනතාවගේ පැවැත්ම කොල්ලකෑමේ උත්සාහයක් බව කියන්න පුළුවන්. ඇතැම් අය මේ සඳහා සහයෝගය දෙනවා. ‘ඵල දරන ගසකට ගල් ගහනවා’ කියන පරිදි ජයග්‍රහණයේ ලකුණ දෘශ්‍යමානයි.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *