දරුවන්ට එරෙහි හිංසනයන් සිදුකිරීමට ඉඩ නොතැබිය යුතුයි

පාසල තුළ දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජනවල ඉහළ යෑමක් වාර්තා වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ අනුව, තව දුරටත් පාසල් දරුවන්ට එරෙහි හිංසනයන් සිදුකිරීමට ඉඩ නොතැබිය යුතු බව ඇය සඳහන් කරනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබෙන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකදීයි.
මේ අතර, මේ වසරේ අප්‍රේල් මස 30 වනදා දක්වා වූ කාලසීමාව තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 2231 ක් වාර්තා වී ඇති බව ළමා රක්ෂණ අධිකාරිය පවසනවා.