අද පස්වරු 5 ට ආරම්භ වෙන ඡන්දය විමසීම

අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අයවැය තුන්වැනි වර කියවීමේ විවාදය අදින් අවසන් වෙන බව වාර්තා වෙනවා. ඒ අනුව, අද පස්වරු 5.00 ට ඒ සම්න්ධ ඡන්ද විමසීම පැවැත්වෙන බව සඳහන් වෙනවා.
දින 23 ක් පුරා පැවති අයවැය කාරක සභා අවස්ථා විවාදයේදීත්, අද දිනයේත් විවාදයට ගැනෙන්නේ මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදය වනවා.
පසුගිය මස 25 වැනිදා අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 109 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය මස 10 වැනිදායි.
