ඇත්තටම ඒක සුහද හමුවක්ද?

ඊයේ (05) පෙරවරුවේ කොළඹ විජේරාම නිල නිවසේදී, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා.
එහිදී දෙරට අතර පවතින ද්වීපාර්ශවික සම්බන්ධතා පිළිබඳ අදහස් හුවමාරු කරගෙන ඇති අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා ද එක්වූ බව සඳහන් වෙනවා.
අසල්වැසි රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින අවබෝධාත්මක අන්නෝන්‍ය සම්බන්ධතාව මෙන්ම, දෙරට අතර ගැඹුරින් මුල් බැසගත් ආගමික, සංස්කෘතික හා සමාජයීය බැඳීම් තමා ගෞරවයෙන් සිහිපත් කරන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවසා තිබෙන අතර, විශේෂයෙන් ම වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද සාකච්ජා වී ඇති බව සඳහන් වෙනවා.
ඒ වගේම, හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ඉන්දියාව සමග පැවති සබඳතා පිළිබඳව ද මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ගෞරවයෙන් සිහිපත් කර තිබෙනවා.