දිවිසැරිය නිමා කළ වසන්ත

ප්‍රවීණ වේශනිරූපණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ වසන්ත විට්ටච්චි මහතා ඊයේ (26) අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙනවා. කලක් රෝගාතුරුව සිටි ඒ මහතා මියයන විට 65වන වියේ පසුවුණා.
එක්දරු පියෙකුවන වසන්ත විට්ටච්චි මහතා 1978 වසරේදී .අත් .වේදිකා නාට්‍යයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසුණු බව සඳහන් වෙනවා.
විට්ටච්චි මහතාගේ දේහය අද 27 ඔහු පදිංචිව සිටි අංක 488/A, පොල්පිතිමූකලාන, කඳාන යන ලිපිනයේ ඇති ඔහුගේ නිවසට රැගෙන යාමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් , විට්ටච්චි මහතාගේ අවසන් කටයුතු අනිද්දා 01 සවස, බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.