මාළු ලොරියෙ තිබ්බෙ මාළු විතරක් නෙමෙයිද?

රුපියල් කෝටි 05 කට අධික කේරල ගංජා තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මීගමුව, පිටිපන ලෙල්ලම ප්‍රදේශයේදී මෙම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් මාන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.

සැකකරුවන් විසින් මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් මෙම ගංජා තොගය ප්‍රවාහනය කර ඇති අතර, ලොරි රථයේ සඟවා තිබූ ගංජා කිලෝග්‍රෑම් 200 ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි පහ හමාරකට අධික බව පොලීසිය පවසන අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුන්ගල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *