අසල්වැසි අයවැයෙන් අපිටත් කොටසක්

2025 වර්ෂය සඳහා වන ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා, ඉන්දීය රුපියල් කෝටි 300 ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032 ක් පමණ ෙවනවා.

ගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245 කි බවත් සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර ඉන්දීය අයවැයෙන්, රුපියල් කෝටි 300 ක මුදලක් වෙන්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

2025 වර්ෂය සඳහා ඉන්දීය අයවැය ඊයේ 01 එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය විසිනි. එම අයවැයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉන්දීය රුපියල් කෝටි 20,516 ක මුදලක් වෙන් කර ඇති අතර, එම මුදලින් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483 ක් වෙන් කර තිබෙන බවත් සඳහන් වෙනවා.

විශේෂයෙන් ම මෙවර ඉන්දීය අයවැයෙන් විදෙස් රටවල් සඳහා වෙන් කළ වැඩිම මුදල ලෙස දැක් වුණේ ඉන්දීය රුපියල් කෝටි 2,150 ක මුදලක් වන අතර, එම මුදල වෙන් කර තිබුණේ භූතානය වෙනුවෙනි.

ඒ වගේම, ගියවර ඉන්දීය අයවැයෙන් භූතානය වෙනුනෙන් ඉන්දීය රුපියල් කෝටි 2,068 ක මුදලක් බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *