පාස්කු ප‍්‍රහාරයේ සැබෑ මොළකරු ගැන දන්නවා

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු තමා දන්නා බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා. කෙසේ වුවත් ඒ පිළිබඳව තමන් ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දෙන බවයි උන්වහන්සේ ප‍්‍රකාශ කර තිබෙන්නේ.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඊයේ (06) පෙරවරුවේ මහනුවරදී මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී අදහස් දැක්වූ, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි,

“මං වගකීමෙන් කියනවා. මම දන්නවා මහමොළකාරයා. හැබැයි ඒක මාධ්‍යට කියන්නේ නැහැ. මාධ්‍යට කියනවා… රටේ ජනාධිපතිටයි..ආරක්ෂාව භාරව සිටින අයටයි කියලා.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *