කාලගුණෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි සම්බන්ධව අවවාදාත්මක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා තැනින් තැන වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

ඒ අනුව, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *