පාප් වහන්සේට අවසන් ගෞරව දක්වන්න ගිහින්

ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද පෙරවරුවේ ඉතාලිය බලා පිටත්ව ගිය බව වාර්තා වෙනවා.

උන්වහන්සේ අද උදෑසන 9.30 ට පමණ ඉටිහාඩ් ගුවන් සේවයට අයත් යානයකින් අබුඩාබි නුවර වෙත ගොස් වෙනත් ගුවන් යානයකින් ඉතාලියේ රෝමය වෙත යාමට නියමිත බව සඳහන් වෙනවා.

පාප් වහන්සේගේ අවමංගල්‍ය උසව්යට සහභාගී වීමෙන් අනතුරුව පැවැත්වෙන අභිනව පාප් වහන්සේ තෝරා ගැනීමේ අවස්ථාවට ද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්වීමට නියමිතයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *