ඊයේ සිද්ධියට පොලීසියත් සම්බන්ධ වෙලාද?

ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධව, කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය විසින්, මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව අපරාධ අංශයේ උසාවි රාජකාරි කරනු ලබන මෙම සැකකරු වයස අවුරුදු 25 ක් වන පාදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසනවා.

ඔහු ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට අදාළව දැනට සැඟව සිටින සැකකාරියක් වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ යන අය සමග දුරකථනය ඔස්සේ සංවාදයක යෙදී ඇති බවට විමර්ශන නිලධාරීන් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

මූලික ප්‍රකාශ සටහන්කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් නිලධාරියා මේ වනවිට ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *