මොනවද මේ තරම් තියෙන චෝදනා

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිස් යූසුෆ් මහතා විසින්, පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පවසනවා. ඒ වගේම, අදාළ බහලුම් සමග තමන්ට කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කරනවා.
විශේෂයෙන් ම ආණ්ඩුකාරවරයා පැවසුවේ එල්ලවන චෝදනා සම්බන්ධයෙන් තමන් කානගාටුවට පත්වන බවයි.
ඒ වගේම, තමන් කිසිඳු විටක දී දේශපාලනය සිදුකිරීමට නොපැමිණි බවත්, තමන්ට අවශ්‍ය වුයේ ජනතාවට සේවය කිරීමට පමණක් බවත්, ඔහු පවසනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ සිය අරමුණ බස්නාහිර පළාතේ ජනතාවට ප්‍රයෝජනවත් කාර්යයක් සිදු කිරීමට බවයි.
පසුගිය දිනක දී පරික්ෂා කිරීමකින් තොරව වරායෙන් නිදහස් කළ බහාලුම් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිස් යූසුෆ් මහතා විසින් ආනයනය කළ දෑ ඇතුළත් බාහාලුම් බවට විවිධ දේශපාලන පක්ෂ සමාජිකයින් සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ පුද්ගලියන් චෝදනා කිරීම් කර තිබුණා.