මොනවද මේ තැනින් තැන හමුවෙන මළ සිරුරු

නෙළුක්කුලම පොලිස් වසමේ තම්පනෙයි පුලියන්කුලම් වැව ආසන්නයේ පාළු ඉඩමක නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් තිබී සොයාගෙන ඇති අතර, මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන් වෙනවා.
මෘත ශරීරය මුලතිව් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, නෙළුක්කුලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර, මොරටුව පොලිස් වසමේ කොරලවැල්ල පොල්වත්ත ප්‍රදේශයේ මුහුදු තීරයේ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් තිබී හමුවි තිබෙනවා. කෙසේ වුවත් එම මරණකරුගේ අනන්‍යතාවයද මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන් වෙනවා.
