මොනවද මේ පැතිර යන කතා

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
මීට සති කිහිපයකට පෙර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබුණු අතර, කෙසේ වෙතත් අද උදෑසන වනවිට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්ව ඇති බව පවුලේ ඥාතීහූ පවසා තිබෙනවා.
තත්ත්වය එසේ තිබිය දී මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිර යමින් පවතින අතරල ඒ සියල්ල අසත්‍ය බවත්, මේ මොහොතේ මානසික පීඩාවන් ඇති නොකරන ලෙසත් මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීහු සියලූම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම ජනතාව එවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් අදාළ අසත්‍ය පුවත් මුදාහරින පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු සිදුකර ඇති බවත් ඇගේ පවුලේ ඥාතීහු වැඩිදුරටත් සඳහන් කරනවා.
