මොකක්ද ඒ දෙන්නා කරන්න හදන්නේ?

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම හමුව එළැඹෙන සිකුරාදා දිනයේදී වොෂිංටන්හිදී සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

එහිදී දෙරට අතර ඛනිජ සම්පත් බෙදාගැනීම පිළිබඳව ගිවිසුමකට ද එළඹීමට නියමිතව තිබෙනවා.

රුසියාවෙන් සිය රටට එල්ල වන ආක්‍රමණ සම්බන්ධයෙන් සහතිකයක් ලබාදෙන ලෙසට යුක්‍රේන ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපතිවරගෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වෙනවා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන්නේ, එවන් සහතිකයක් අමෙරිකාවට ලබාදිය නොහැකි අතර, එහි වගකීම යුරෝපය දැරිය යුතු බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *