මේ ගාණෙන් මොනවද කරන්න පුලූවන්

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රුපියල් 74 ත් රුපියල් 160 ත් අතර මුදලක් මෙලෙස ප්‍රකාශයට පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.
කෙසේ වෙතත්, ඡන්දය පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336 සඳහා වෙන්වෙන් වශයෙන් එම මුදල ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වෙනවා.
පළාත් පාළන ආයතන මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි අඩුම මුදල වන රුපියල් 74 මන්නාරම පළාත් පාලන ආයතනය සඳහා වන අතර, වැඩිම මුදල වන රුපියල් 160 ප්‍රකාශයට පත් කර ඇත්තේ ලාහුගල පළාත් පාලන ආයතනය සඳහා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබෙනවා.
මීට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය මඟින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකන්ඩිය යන ප්‍රාදේශීය සභා සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු, අද මධ්‍යහන 12.00 ට අවසන් වු බව මැතිවරණ කොමිසම පවසනවා.
නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව අදාළ පළාත් පාලන අයාතන තුනෙහි මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
