ඉතිහාසයේ පළමු වරට රේගුව සොයාගත් දේ

කොළඹ භාණ්ඩ ප්‍රවාහන ආයතනයකට එවා තිබූ සැක සහිත පාර්සලයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකිවූ බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.
මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, දෛනිකව සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී මෙම සොයා ගැනීම සිදුකළ බව, රේගු මාධ්‍ය ප්‍රකාශකල අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කරනවා.
ඒ අනුව, බ්‍රිතාන්‍යයේ සිට මෙරට කිරිබත්ගොඩ ලිපිනයකට එවා තිබූ අදාළ පාර්සලය, එහි සැකකරු ඉදිරියේදී විවෘත කිරීමේදී සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65 ක් සහ දියර ආකාරයෙන් සකස් කළ කොකේන් මත්ද්‍රව්‍ය මිලිලීටර් 500 තිබී සොයාගෙන තිබෙනවා.
කොකේන් මත්ද්‍රව්‍ය දියර ලෙස භාණ්ඩ ප්‍රවාහන ආයතනයකින් හමුවූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව සඳහන් වෙන අතර, අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 13 කට ආසන්න බව රේගුව පවසනවා.
සැකකරු 23 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක අංශයේ රැකියාවක නිරත පුද්ගලයෙකු බව සඳහන් වෙනවා.