හඳුනාගැනීමේ පෙරට්ටුවේදී මොකද වුණේ?

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට බරපතළ ලිංගික හිංසන සිදුකළ සැකකරු අද 28 අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත් නිල කාමරේදී හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවතීමෙන් අනතුරුව, එම ලිංගික හිංසනයට පත් වෛද්‍යවරිය විසින් සැකකරුව හඳුනාගෙන තිබෙන බව සඳහන් වෙනවා.

අනතුරුව නැවත මහේස්ත්‍රාත්වරයා වෙත සැකකරුව ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව, අප්‍රේල් මස 10 වන දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ බව වාර්තා වෙනවා.

මේ අතර, අධිකරණ විභාගය අතරතුරදී සැකකරුට විශේෂ ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට ප්‍රකාශ කිරීමක් සැකකරු විසින් සිදුකර තිබෙන අතර, ඒ සඳහා අවස්ථාව පවතින බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *