ඩුබායි ඉඳලා ආව ඩෑන්ට වෙච්ච දේ

සමාජ ක්‍රියාකාරකයෙකු වන ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. එලෙස ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, අද (11) අලුයම 6 ට පමණ ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී බව සඳහන් වෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ, පොලිස් මාධ්‍ය ප්‍රකාශකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා කියා සිටියේ, 2024 වර්ෂයේ දී නාන්ඒරිය පොලිස් ස්ථානාධිපතිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු බවයි.
ඊට අදාළව ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් ද නිකුත් කර තිබුණු බව සඳහන් වෙනවා.
ඒ අනුව ඩෑන් ප්‍රියසාද්ව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතයි.