බන්ධනාගාරගතව සිටින හිටපු ඇමති මර්වින්ට මොකද වුණේ

ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහර බන්ධනාගාරයේ රෝහල් වාට්ටුවක රඳවා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
නවක රැඳවියන් රඳවා සිටින රෝහල් වාට්ටුවටම ඔහුවත් ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පවසනවා. විශේෂයෙන් ම ඔහුට කිසිඳු අමතර පහසුකමක් ලබා නොදී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
