ඥානසාර හිමිගේ නඩුවට මොකද වුණේ?

මාස 09 ක ලිහිල් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය නීතිපතිවරයාට කල් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.
2016 වසරේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පළ කරන ලද අදහස් වලින් ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළ බව පැවසෙන චෝදනාවට වරදකරු වීම හේතුවෙන් ඥානසාර හිමිට මාස 09 ක ලිහිල් සිරදඬුවම් නියම කරනු ලැබුවා.
මෙම පෙත්සම අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එම අවස්ථාවේදී පෙත්සම්කාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගාමිණී අල්විස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයේ විභාගය සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා තිබෙනවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දන ලෙසයි.
ඒ අනුව නඩුකරයට අදාල විරෝධතා පවතී නම් නම් ඒවා මේ මස 25 වන දා ගොනු කරන ලෙස නීතිපතිවරයාට නියම කර තිබෙනවා.