මර්වින් සිල්වාට මොකද වුණේ

ඊයේ 05 රාත‍්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්, හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පැලවත්ත බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි.

එලෙස, අත්අඩංගුව ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා, මහර උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වෙනවා.

මර්වින් සිල්වා මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබෙන අතර, මර්වින් සිල්වා මහතාගේ බිරිඳ මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා තිබෙනවා.,

“මමත් හරියට දන්නේ නෑ. ඊයේ රෑ ඇවිත් 2015 කතාවක් කිව්වා. මොකද්ද මේ කඩකාමරවල ප්‍රශ්නයක් කියලා එක්කන් ගියා.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *