DigiLocker සහ UPI කියන්නේ මොකක්ද?

සැමට සමෘද්ධිය සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් ගොඩනැගීම යන්න තේමා කරගත් Bimstec Digitalසමුළුව ඊයේ 07 කොළඹදී පැවැත්වුණා.

මෙහිදී ඩිජිටල් ආර්ථිකය ගොඩනැංවීම සහ රාජ්‍ය සංවර්ධනය යන මාතෘකා පුළුල්ව සාකච්ඡා කෙරුණු බව වාර්තා වෙනවා.

ඉදිරියේදී මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ද වඩාත් පහසු සේවාවන් ලබාගැනීම සඳහා ඩිජිටල් හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු සැලසුම් කරන බව ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ, Bimstec Digital සමුළුව අමතමිනි.

විශේෂයෙන් ම මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ද එක්වුණූ අතර, එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා,

“ශ්‍රී ලංකාව තුළ DigiLocker ක්‍රියාවලිය හඳුන්වාදීමට සාකච්ඡා සිදුකරගෙන යනවා. UPI ක්‍රියාවලියත් පුළුල් කිරීමට අපි බලාපොරොත්තුවෙනවා.”

“ගෙවීම් සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් ලෙස ශ්‍රී ලංකා රජය හඳුන්වාදුන් GovPay ක්‍රමයට අපි සුබ පතනවා.” 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *