ඒ පාර මොකක්ද වෙන්න යන්නේ

ඇමෙරිකානු ජනපති ට‍්‍රම්ප් සමග සිදුකරන සාකච්ඡා වලදී තමන්ගේ සහය ලබා දෙන්නේ යුක්රේනයට බව බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්මර් පවසනවා. එහු එලෙස පවසන්නේ යුක්රේන ජනපති වොලිදිමියර් සෙලෙන්ස්කි හමුවූ අවස්ථාවේදීයි.
එළඹෙන සතියේදී බ්‍රිතාන්‍ය අගමැතිවරයා, ජනපති ට‍්‍රම්ප් හමුවිමට නියමිත බවත්, එහිදී එවුන් දෙදෙනා විසින් රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය අවසන් කිරීම පිළිබඳව සහ යුක්රේනය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒවගේම රුසියාව සමග නැවතුණු සම්බන්ධතා නැවති ආරම්භ කිරීමට සහ යුක්රේන යුද්ධය අවසන් කිරීමට ජනපති ට‍්‍රම්ප් ගත් තීරණයෙන් පසුව මෙම දෙදෙනා දුරකථන සංවාදයක නියැලූණු බව වාර්තා වෙනවා.
විශේෂයෙන් ම එහිදී , යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා අවශ්‍ය බවත්, ඒ සඳහා සාධාරණ සහ කල් පවතින සාමයක් ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ කැපවීම ගැන තමන් සහතික වන බවත්, බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.