මොනවා ගැනද මේ කතාබහ

ඉන්දීය අග්‍රාමාන්‍ය නරේන්ද්‍ර මෝදි සහ ෆින්ලන්න ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ් අතර සාකච්ඡාවක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

දුරකතන සංවාදයක් ලෙස පැවැති සාකච්ඡාවේදී යුක්රේනයේ තත්ත්වය පිළිබඳව ප්‍රධන ලෙස අවධානය යොමු කර ඇති බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔවුන්ගේ සාකච්ඡාවේදී නායකයන් දෙපළ කලාපීය සහ ගෝලීය ගැටලු පිළිබඳ ඉදිරි දර්ශන ද හුවමාරු කර ගෙන ඇති අතර, ඞ හි සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පව්සා ඇත්තේ, ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ් සමඟ ඵලදායී සංවාදයක් පැවැත් වූ බව සහ ෆින්ලන්තය යුරෝපා සංගමයේ වැදගත් හවුල්කාර රටක් බවයි.

එමෙන්ම දෙරට අතර බැඳීම් ඉහළ නැංවීමට දෙපාර්ශවයම සූදානමින් සිටින බවත්, ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *