මොකක්ද මේ විශේෂ සාකච්ඡාව

අතිගෞරවණීය අටමස්ථානාධිපති, ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ ඇතුළු අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා බෝමළුව විහාරස්ථානයේ දී පැවැත්වුණා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ පාර්ලිමේන්තුව මගින් 2006 අංක 41 දරන පනත තුළින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ (සංස්ථාගත කිරීමේ) සාමාජිකයන් පත් කිරීම අග්‍රාමාත්‍යවරයා සතු කාර්යයක් ලෙස නම් කර තිබෙනවා. එනිසා වර්තමාන රජයේ අග්‍රාමාත්‍යතුමිය මේ පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදුවූ බව වාර්තා වෙනවා.
මෙහිදී ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ සාමාජිකත්වයට අනුරාධපුර වත්මන් දිසාපති රංජිත් විමලසූරිය මහතා පත් කිරීම ද අගමැතිතුමිය විසින් සිදු කෙරුණු බව වාර්තා වෙනවා.