දිමුත් වෙනුවෙන් මාලිංග කිව්ව දේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශේෂ වීඩියෝවක් පළ කර තිබෙනවා.

හෙට 06 ආරම්භ වන ටෙස්ට් තරගයෙන් පසු ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට නියමිතව ඇති බවට පළ වූ පුවත සම්බන්ධයෙන් ප්‍රචාර දක්වමින් ලසිත් මාලිංග මෙම වීඩියෝව සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබෙනවා.

“මම ඉල්ලීමක් කරනවා ක්‍රීඩාවට ආදරේ කරන හැමෝම අවසන් ටෙස්ට් තරගය බලන්න යන්න. ගාල්ලේ ක්‍රීඩාපිටිය දිමුත් වෙනුවෙන් පුරවන්න හැමෝටම පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා දිමුත් වෙනුවෙන් ඔයගොල්ලෝ ක්‍රීඩාපිටිය පුරවයි කියලා. දිමුත් 100ක් ගහයි. ඒ 100 ගහද්දි අත්පුඩියක් ගහන්න ඔයාලා පිටියේ ඉන්න. දිමා සුබ පතනවා. මම හිතනවා හොඳම කාලේ රිටයි වෙන්නේ කියලා. සියලු ප්‍රේක්ෂකයින්ගේ අත්පුඩි මැද ඔයාට සමුගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වෙනවා.

මෙම තරගය දිමුත් කරුණාරත්න සහභාගි වන සිය අවසන් ටෙස්ට් තරගයයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *