ඇත්තටම ඉෂාරාට මොකද වුණේ?

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකාරිය තවමත් රට තුළ සිටින බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා මේ බව කියා සිටියේ, විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. රටින් පිටවිය හැකි බව සිතන සෑම ස්ථානයක් සඳහාම මේ වනවිට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
පසුගිය 19 වන දා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කෙරුණු අතර, එහි ප්‍රධාන සැකකරුට ගිනිඅවිය ලබාදී තිබුණේ කටුවැල්ලේගම, මීගමුව ලිපිනයේ පදිංචිව සිටි 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නම් තරුණියක් බව සොයාගනු ලැබුවා.
අපරාධය සිදුකිරීමෙන් පසු ඇය අතුරුදන් වූ අතර, මේ වනවිට ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා.
කෙසේවෙතත් අද උදෑසන ඇගේ මව සහ බාල සහෝදරයාව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඝාතනයට අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබුවා.