බිසෝ ඇල්ල බලන්න ගිහින් ඇත්තටම මොකක්ද වුණේ?

මාතලේ, යටවත්ත හුළංගල බිසෝඇල්ල අසල සිට අඩි 400ක් පමණ පහළ කැළෑවකට වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු තවත් තරුණයෙන් සිව්දෙනෙකු සමග 15 වනදා රාත්‍රියේ සැලගම වතු යායේ හුළංගල ප්‍රදේශයේ නවාතැන් ගෙන තිබෙනවා.
ඉන් පසු ඊයේ 16 උදෑසන 7. 00 ට පමණ මෙම පිරිස එම ස්ථානයෙන් පහළට පැමිණ තිබෙන අතර, එම අවස්ථාවේදී මෙම තරුණයා එකවර දුවන්නට පටන් ගෙන ඇති අතර, එවිට පහළ කැළෑ ප්‍රදේශයකට වැටී ඇති බව වාර්තා වෙනවා.
මියගිය තරුණයාගේ ශරිරයේ කොටස් කැළෑ ප්‍රදේශයේ විසිර තිබු බව ගම්වාසීන් පවසන අතර,
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන, මහවෙල පොලීසිය විසින් සිදුකරනු ලබනවා.
