හෙටින් ඇරඹෙන අමුතු සතිය මොකක්ද?

ජාතික බදු සතිය හෙට (02) සිට ආරම්භ වෙන බව වාර්තා වෙනවා.

එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර, හෙට සිට 07 වැනිදා දක්වා ක්‍රියාත්මක සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස්. ශාන්ත මහතා සඳහන් කරනවා.

මේ අතර, මිලියන 10 කට වැඩි පුද්ගලයින් පිරිසක් සඳහා මේ වන විටත් ,ටින් අංකය, ලබා දී ඇති බව ජනාධිපති අතිරේක ලේකම් යූ.ඩී.එන්. ජයවීර මහතා පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *