රතු කුරුස සංවිධානය සොයාගත් දේ

පලස්තීන රතු කුරුස සංවිධානය විසින් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය පිරිසකගේ මළ සිරුරු සොයාගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මීට සතියකට පමණ පෙර එම ප්‍රහාරය එල්ල වී තිබූ අතර, එම ප්‍රහාරයේදී මියගිය වෛද්‍යවරුන් 8 දෙනෙකුගේ, සිවිල් ආරක්ෂක සේවකයින් 5 දෙනෙකුගේ සහ එක්සත් ජාතීන්ගේ සේවකයෙකුගේ සිරුරු මෙලෙස සොයාගෙන ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෛද්‍ය සහ මානුෂීය කාර්ය මණ්ඩලයට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීමෙන් එල්ල වන සැලකිය යුතු අභියෝග මධ්‍යයේ ගලවා ගැනීමේ කණ්ඩායම් වැඩි පිරිසකගේ දේහයන් සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බව රතු කුරුස සංවිධානය සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *