හිටපු අගමැතිනියගේ නිවසට කළ දේ

බංග්ලාදේශ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාගේ පවුලට අයත් ඩකා හි පිහිටි නිවස ගිනි තබා විනාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස ගිනි තබා ඇත්තේ ඇගේ පියා, එනම් නිදහස් බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවසයි.

හසීනාගේ අවසරයෙන් අනුස්මරණ කෞතුකාගාරයක් ලෙස සංවර්ධනය කර තිබූ මේ නිවස ගිනි තබා තිබුණේ හසිනාගේ පවුලට එරෙහිව විරෝධතාවක නිරතව සිටි පිරිසක් බව සඳහන් වෙනවා.

පසුගිය අගෝස්තු මාසයේදී පැවති බංග්ලාදේශ ශිෂ්‍ය ක්‍රියාකාරී විරෝධතා අතරතුර පලාගිය හසීනා තවමත් රැඳී සිටින්නේ ඉන්දියාවේයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *