අනුරාධපුර සිද්ධියේ සැකකරුගේ නිවසින් හමුවූ දේ

වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුගේ නිවසේ තිබී ජීව අත්බෝම්බයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ගල්නෑව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළාකාය එක්ව අද (14) පෙරවරුවේ සැකකරු පදිංචිව සිටි ගල්නෑව නිවස පරීක්ෂා කිරීමේ දී මෙය හමුව තිබෙන අතර, ඒ අදාළ වෛද්‍යවරියගේ නැති වූ දුරකථනය සෙවීම සඳහා සිදුකළ වැටලීමේදී මෙම ජීව අත්බෝම්බය හමුව ඇති බවත් සඳහන් වෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (13) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී පැය 48 ක් රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිව තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *