සොහොනෙන් හොයාගත්ත හිමිකරුවෙක් නැති දේ

ඊයේ 26 පස්වරුවේ, ගම්පහ මාහේන ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ආයුධ තොගයක් සොයාගැනීමට පොලීසියට හැකිවී තිබෙනවා. මෙහිදී ඔවුන් විසින් ඔ56 ගිනිඅවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 23 ක් සොගෙන තිබෙන බව සඳහන් වෙනවා.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී මෙම ආයුධ සොයාගෙන තිබෙන බව වාර්තා වෙනවා.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ 26 උදෑසන මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම විමර්ශනය කිරීම සඳහා එහි ගිය අවස්ථාවේදී මෙම ආයුධ පිළිබඳ තොරතුර ඔවුන්ට ලැබී තිබෙන අතර, ගිනිඅවිය කවුරුන් විසින් මෙහි සඟවා ගියේ ඇයි කියා මේ දක්වා හෙළිවී නොමැති බවත්, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් සඳහන් වෙනවා.

මෙම වැටලීම සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕළුගල, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන පද්මසිරි හා දොලමුල්ල මහත්වරුන් සහභාගි වූ බව වාර්තා වෙනවා.

ඊට අමතරව පොලිස් සැරයන් සෝමසිරි, හේරත් යන මහත්වරුන් මෙන්ම පොලිස් කොස්තාපල් බුද්ධික, සමන් හා සුබසිංහ යන මහත්වරුන්ද සහභාගි වී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *