සංජීව ඝාතනයේ සැකකාර කොස්තාපල්ගේ දුරකතනයෙන් හමුවූ දේ

ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයේ වෙඩි තැබීමට යොදා ගත් ගිනිඅවියේ ඡායාරූප මකා දමා තිබියදී පොලිස් විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

ඊට අමතරව තවත් පිස්තෝලයක ඡායාරූපද එහි තිබියදි විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙන බව සඳහන් වෙනවා.

සැකකාර කොස්පාතල්වරයාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදි මේ වන විට අතුරුදන්ව සිටින සැකකාරියට අයත් බවට හඳුනාගෙන තිබූ දුරකථන අංකයන් එම පොලිස් නිලධාරියාගේ ජංගම දුරකථනයේ අන්තර්ගතව තිබූ බවත්, දුරකථනය පරීක්ෂා කිරීමේදී ඡයාරූප ඇතුළත් ගැලරියේ ඇති ඡයාරූප මකා දමා ඇති බවටත් විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවට වෙඩි තැබීමට වෙඩික්කරු භාවිත කරන ලද රිවොල්වරයේ ඡායාරූප සහ තවත් පිස්තෝල අවියක ඡායාරූප තිබියදී සොයාගත් බව සඳහන් වෙනවා

එම ඡායාරූප අතුරුදන්ව සිටින සැකකාරිය විසින් සති කිහිපයකට පෙර ඔහුට එවූ බව,
ඒ සම්බන්ධව සැකකාර කොස්තාපල්වරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි අනාවරණය කරගත් බව උසස් පොලිස් නිලධාරියෙකු පවසනවා.

සැකකාරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකාරිය සමග සබඳතා පැවැත්වූ මීගමුව පොලීසියට අනුයුක්ත සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමේන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *