ගහපු බද්දට දැන් මොකද කරන්නේ?

රාමසාන් උපවාස සමය සඳහා සවුදි අරාබියෙන් ප්‍රදානයක් වශයෙන් ලබා දී තිබෙන රටඉඳි තොගයට ද ශ්‍රී ලංකා රේගුව මඟින් බදු අය කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අද (28) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර තිබෙන්නේ, රටඉඳි සඳහා ඇති බදු රාමසාන් උපවාස සමයේදී රජය විසින් ලිහිල් කරන බවයි. ඒ අනුව, ඊට අදාළව කැබිනට් තීරණයක් පවා ගනු ලැබූ බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

කෙසේ වෙතත්, අදාළ තීරණය අනුව දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර, මෙම රට ඉඳි තොගය ලැබී ඇති නිසා ඒ සඳහා බදු අය කර ඇති බවත්, ඊට අවශ්‍ය සහනය ලබාදීම සඳහා මේ වනවිට අවධානය යොමුකර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

සෞදියෙන් ප්‍රදානය කෙරුණු මෙට්‍රික් ටොන් 50 ක් වන රට ඉඳි තොගය සඳහා රේගුව රුපියල් මිලියන 33 ක බදු අයකර ඇති බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *