ටැංකි 24 කට වෙන්න යන දේ

ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24 ක් සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එම තෙල් ටැංකි සංවර්ධනය කිරීම වසර 03 ක් ඇතුළත නිම කිරීමේ අරමුණින් තුන් අවුරුදු ව්‍යාපෘතියක් සැලසුම් කර ශක්‍යතා අධ්‍යයනයක් ඇතුළු ව්‍යාපෘති කටයුතු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ඇති බව සඳහන් වෙනවා.
අදාළ ව්‍යාපෘතිය සඳහා මාර්ග සංවර්ධනය අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය සේවය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ අනුමැතීන් මේ වන විට ලබාගෙන තිබෙන බව සඳහන් වෙනවා.
ඒ අනුව, මහා භාණ්ඩාගාරයට වැය බරක් නොවන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අරමුදල් මගින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන් වෙනවා.