දේශබන්දුට අද මොනවා වෙයිද?

අද (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සේවය අත්හිටුවන ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔහු කළ ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව අද පස්වරු 2.00 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිත වන අතර, දුටු තැන අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග ලැබ සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණේ ඊයේ උදෑසනයි.
එහිදී මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේ, අද දිනය දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වන අතර, පසුව ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගියේ දැඩි ආරක්ෂාව මධ්‍යයේයි.
2023 දෙසැම්බර් 31 වැනි දා මාතරල වැලිගම හෝටලයක් අසළ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 28 වැනි දා වරෙන්තු නිකුත් කර සිටියා.
දින 20 ක් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට භාර වුණේ මෝසමක් ගොනු කරමිනි.
