මහනුවර ඉන්න රිලවුන්ට වෙන්න යන දේ

මහනුවර දිස්ත්‍රික්කයේ වගා හානිකරන රිළවුන් අල්ලා දූපතකට මුදාහැරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

එම දිස්ත්‍රික්කයේ වගාවලට රිළවුන්ගෙන් සිදුවන හානි සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කරන ලද විශේෂ කමිටුව ඊයේ (27) රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත්වන රිළවුන් රන්දෙණිගල ජලාශය මධ්‍යයේ පිහිටි අක්කර 200 කට ආසන්න වපසරියකින් යුත් දූපතකට රැගෙනයාමට එහිදී තීරණය වී තිබෙනවා.

හේවාහැට ආසනයේ ගම්මාන 15 ක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක මෙහි නියමු ව්‍යාපෘතිය සඳහා දැනටමත් රුපියල් මිලියන 10 ක් වෙන්කර තිබෙන බව සඳහන් වෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෙද්‍ය පීඨයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ප්‍රධානත්වය දරන අදාළ කමිටුවට, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාවික හමුදාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව රැසක් සම්බන්ධ වන අතර, ඒ සියලූ දෙනා එක්ව මෙම තීරණ ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *