ටීචර් අම්මාට මොකද වෙන්නේ?

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන “ටීචර් අම්මා” හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.

හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඇයගේ සැමියා හා හයේශිකා ප්‍රනාන්දුගේ කළමනාකරු යන දෙදෙනාව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව, සැකකරුවන් දෙදෙනාව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව සඳහන් වෙනවා.

සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන .ටීචර් අම්මා. හෙවත් හයේශිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *