සංජීවගේ ඝාතකයාගේ දුරකථනයෙන් එළියට ආ WhatsApp හඬපට

පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට සුළු වෙලාවකට පෙර විදෙස්ගතව සිට මෙම ඝාතනය මෙහෙය වූ කමාන්ඩෝ සලින්ත නම් පුද්ගලයා සමග වෙඩික්කරු වට්ස්ඇප් හරහා සම්බන්ධවී ඇති බවට පොලීසිය මේ වනවිට කරුණු අනාවරණ කරගෙන තිබෙනවා.

එහිදී කමන්ඩෝ සලින්ත පවසා ඇත්තේ ”ඔයා වැඩේ කරන්න. එළියේ ඔක්කොම හරි. බයවෙන්න එපා. ගහන්න. වැඩේ ඔක්කොම බැලන්ස්. ගහන්න ඔයා බය නැතුව” ලෙසයි.

වෙඩික්කරු ඊට ප්‍රතිචාර දක්වමින් විමසා ඇත්තේ ”ඇතුළේ අවුලක් නැද්ද? මම ඇතුළේ” යනුවෙනි.

”නෑ ගහන්න, සෙට් වෙනවද? ගහන්න. ඉවරම කරන්න. ඔක්කොම හරි” යනුවෙන් කමාන්ඩෝ සලින්ත පවසා තිබෙනවා.

එහිදී වෙඩික්කරු ‘පොලිස්කාරයෝ ටික?” යනුවෙන් විමසා තිබෙනවා.

පෙරවරු 9.48 ට කමන්ඩෝ සලින්ත ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ ”ඔක්කොම හරි. ඔයා ගහන්න” යනුවෙනි.

අනතුරුව පෙරවරු 9.54 ට වෙඩික්කරු කමාන්ඩෝ සලින්තට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.

පසුව ඔහු ‘‘අරූ මැරිලාද?” යනුවෙන් විමසා තිබෙනවා.

”මැරිලා” යනුවෙන් ඊට කමාන්ඩෝ සලින්ත ප්‍රතිචාර දක්වා තිබෙනවා.

”නියමයි” යනුවෙන් වෙඩික්කරු ප්‍රතිචාර දැක්වීමෙන් අනතුරුව කමාන්ඩෝ සලින්ද ප්‍රතිචාර දක්වා ඇත්තේ ”උඹ මගේ පණ” යනුවෙනි.

”අනේ මොනාද අයියේ මේ කතා ? ඔයා මට කන්න බොන්න දීලා තාත්තා කෙනෙක්ටත් වඩා පරිස්සම් කළා. ඉතින් ඔයා මගේ පණ අයියේ” යනුවෙනි.

නංගි එතන තාම. මං ආවා” යනුවෙන් වෙඩික්කරු ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *