අවමංගල්‍ය උත්සවය කවදාද?

පසුගියදා ඝාතනයට ලක්වූ හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ අවමංගල්‍ය උත්සවයට අවසන් ගෞරව දැක්වීමට දහස් ගණනක පිරිසක් සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීට මාස පහකට පෙර නස්රල්ලා ඊශ්‍රායලය විසින් ඝාතනය කරන ලද අතර, ආරක්ෂක හේතූන් මත ඔහුගේ පොදු අවමංගල්‍ය කටයුතු ප්‍රමාද වු බව සඳහන් වෙනවා.
ලොව පුරා සිට පැමිණි පුද්ගලයින් සහ ක්‍රියාකාරීන් දහස් ගණනකට අමතරව, රටවල් 65 ක පුද්ගලයින් 800 දෙනෙකු පමණ අවමංගල්‍යයට සහභාගී වීමටයි නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
බීරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයේ ගුවන් තොටුපළ මාර්ගය අසල ඉඩමක නස්රාල්ලාව මිහිදන් කිරීමට නියමිත බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.