කවද්ද මේක ගන්න පුලූවන් වෙන්නේ

E-Passport හෙවත් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඊට අදාළව අධිකරණය මගින් පනවා තිබු වාරණ නියෝගය මේ වනවිට ඉවත් කර ඇති බැවින් එම ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමට බාධාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය නිතීඥ සුනිල් වටගල මහතා සඳහන් කරනවා.

ඒ අනුවල ෑ-විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු තවත් මාස 8 කින් පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ඊට අදාළ සමාගම් සමග ගිවිසුම් ගතවීම ද මේ වනවිට සිදුව ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

විශේෂයෙන් ම මේ වනවිට විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ක්‍රියාත්ම වෙනවා.

ඊට අදාළව නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 10 ක් මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතුද සුදානම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සඳහන් කරනවා.

මේ අතර, යෝජිත පැය 24 පුරා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයට අදාළව ආගමන විගමන නිලධාරීන් 186 දෙනෙකු බඳවාගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඒ සඳහා උපාධිධාරීන් බඳවාගැනීමට අදාළ විභාගය පැවැත්වීම වෙනුවෙන් දිනයක් ලබාදෙන ලෙස විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලිමක් කර ඇති අතර, එම දිනය ලැබීමෙන් පසු ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත්කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *