ඇමති විජිත කොහෙද මේ ගියේ

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව අමාත්‍ය විජිත හේරත් මහතා අද :05* කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබා දී තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගෙන තිබෙනවා.

මෙම නඩුව, සංවර්ධන ලොතරැයි ටිකට්පත් ප්‍රවර්ධන කටයුතු පෞද්ගලික සමාගම්වලට පැවරීමේදී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ඉදිරිපත් කර තිබුණ නඩුවකි.

මහජන නියෝජිතයකු වශයෙන් කටයුතු කරන තමන්ට, මහජනතාව මෙන්ම විවිධ පාර්ශ්වයන්ගෙන් තොරතුරු ලැබෙන බව එහිදී සාක්ෂි ලබාදුන් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර තිබෙනවා.

එසේ ලැබුණු තොරතුරකට අනුව මෙම නඩුවට අදාළව 2015 වසරේ අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ බවත් ඔහු පවසා තිබෙනවා.

මහජන දේපළ අවභාවිතා කිරීම වැළැක්වීමේ අරමුණින් තමා එම පැමිණිලි ඉදිරිපත් කළ බව සඳහන් කළ විජිත හේරත් අමාත්‍යවරයා, ඒවා පිළිබඳ විමර්ශන පවත්වා ඊට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම විමර්ශන ආයතනවල වගකීමක් බවත් සඳහන් කරනවා.

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගයේ ජුනි මස 04 වනදා දක්වා කල්තැබුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *