කොහෙද මේ උදෙන්ම ගියේ?

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද 26 උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව වාර්තා වෙනවා.

ඒ, ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් 2013 වසරේදී සිදුකරන ලද එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

කෙසේ වුවත් මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා සඳහන් කරන්නේ, මේ දිනවල තමාව නිරන්තරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවන බවත්, එහි කිසිඳු ගැටලුවක් නොමැති බවත්ය.

“අපි එන තරමටම තමා මේ අයගේ බොරුව වංචාවක් කියන එක සමාජයට තහවුරු වෙන්නේ. යහපාලන ආණ්ඩුවේ දුෂණ විරෝධී කමිටුවේ හිටිය මහත්තයාම තමා මේ ආණ්ඩුවේ පොලීසිය භාර අමාත්‍යවරයා. නිවාඩු දවසක අපිව ගෙනල්ලා කටඋත්තර ගන්න මහන්සිවෙන ආණ්ඩුව නිවාඩු දවසේ කෙසේ වෙතත් උසාවි දවසේ මහන්සි වෙලා ආරක්ෂාව තහවුරු කළොත් හොඳයි”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *