මේ සැරේ මොන පිලටද එකතු වෙන්නේ?

2025 පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ලොහාන් රත්වත්තේ යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වී තිබෙන බව සඳහන් වෙනවා.
ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වුණේ, 2024 ජනාධිපතිවරණයේදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය දැක්වීම සඳහායි.
කෙසේ වෙතත් පසුගියදා මහනුවරදී මාධ්‍ය අමතමින් ලොහාන් රත්වත්තේ කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය සඳහා තම පූර්ණ දායකත්වය ලබා දෙන බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
