හිටපු ජනපති රනිල් කැඳවපු සාකච්ඡාවට ආවේ කවුද?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේශපාලන සාකච්ඡාවක් අද (30) පස්වරුවේ පවත්වා තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික හෝටලයකදීයි.

අදාළ සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ බව ඊට එක්වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහන් කරනවා.

මේ සාකච්ඡාව සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී, හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කළ දේශපාලන පක්ෂ නියෝජිතයින් එක්ව සිටි බව සඳහන් වෙනවා.

ඒ අතර, සමගි ජනබලවේගය නියෝජනය කරමින් මනෝ ගනේෂන් සහ පී. දිගම්බරන් යන මන්ත්‍රීවරුන් ද සහභාගි වී සිටීම විශේෂත්වයකි.

මීට අමතරව, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, උදය ගම්මන්පිල, අනුර පියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන යන මහත්වරුන් ද ඊට එක්ව තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *