රටේ මිනිස්සු කාවද විශ්වාස කරන්නේ?

වර්තමානය තුළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරනවා.
ඉන් බහුතරයක් වාර්තා වී තිබෙන්නේ, වධහිංසා කිරීම, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම මෙන්ම හිරිහැර කිරීම වැනි චෝදනා සම්බන්ධයෙනි.
විශේෂයෙන් ම ජනතා පැමිණිලිවලට අදාළව ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වන බව මානව හිමිකම් කොමිසම සඳහන් කරනවා.
ඒ පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා ඇතුලු පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් අතර පැවති හමුවකදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
එහිදී පොලීසියේ අභ්‍යන්තර ක්‍රියාවලීන් ප්‍රතිව්‍යුහගත කර, නව තාක්ෂණික උපක්‍රම භාවිත කරන ලෙස මානව හිමිකම් කොමිසම නිර්දේශ කර තිබෙන බවත් සඳහන් වෙනවා.
මේ වසර තුළ මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සැළකිය යුතු ලෙස අවම කිරීම සිය අරමුණ බව වැඩබලන පොලිස්පතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙන බවත් වාර්තා වෙනවා.